කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (16 වැනිදා) උදෑසන 05.00 සිට හුදකලා කරන බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන ප්‍රදේශ මෙලෙස හෙට සිට හුදකලා කර තිබේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය හෙට සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුවල ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් එලෙසම පවතින බවද වාර්තා වේ.