ගෑස් පෙන්වන්න තවත් ගැසට් එකක්

මෙරට ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාව තවදුරටත් පීඩාවට පත්වී සිටින්නේ ප්‍රමාණවත් තරම් ගෑස්
සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම හේතුවෙනි.
මේ අතර ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට අදාළ
ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත
අලගියවන්න මහතා පවසා ඇත.
තවද එම ගැසට් නිවේදනය ආනයන අපනයන පාලකවරයා විසින් නිකුත් කරනු ඇති බවද පැවැසේ.
පාරිභෝගිකයන් වෙත බෙදා හරින ලද ගෑස් වල සංයුතිය සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වයෙන්
අනතුරුව එම ගෑස් සිලින්ඩර යළි පිරවීමේ ක්‍රියාවලිය හේතුවෙන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමේ
ප්‍රමාදයක් පවතින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙතෙක් නිසි ක්‍රමවේදයක් ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂාකිරීම සඳහා ක්‍රියාත්මක නොවූ බැවින් පසුගියදා ඇති
වූ ගෑස් පිපිරීම් ගැටළුවලින් පසු එහි පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට තීරණය
කරනු ලැබීය.