ඩොලරයට රුපියල් 240 ක් ගෙවිය යුතුයි – සිරිපාල කියයි

අපේ රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම රුපියල් දෙසිය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඔහු එසේ කීවද වර්තමානයේ ඩොලරයකට ගෙවිය යුතු මිල වශයෙන් සඳහන් ව ඇත්තේ රුපියල් 202ග80 කි.

අද අපේ රට මුහුණදී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමනික ශ‍්‍රමිකයන් එවන ඩොලර්වලට එසේ ඉහළ මුදලක් ලබා දුනහොත් ඔවුන් නියත වශයෙන්ම අවිධිමත් ලෙස උණ්ඩියල් ක‍්‍රමයට මුදල් පේ‍්‍රෂණය කිරීමේ මාර්ගවලට ඇබ්බැහි වීමට ඉඩ නැතැයි ද ඇමැතිවරයා කීය. එම නිසා අපි කි‍්‍රයාත්මක කරන වැඩවලින් ප‍්‍රතිඵල ගැනීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා කීය.