අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත්කර ඇති බවට ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවී තිබිණි.