අත්තනගලු ඔය පිටාර මට්ටමට

අත්තනගලු ඔය අද(24) පස්වරු 3 පමණ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගලු ඔය ඉහළ ධාරා ප්‍රදේශයට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතු කොට ගෙන එම ධාරා ප්‍රදේශයේ පිහිටුවා ඇති ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව දැනට පවතින කාලගුණික තත්ත්වය අනුව දූනමලේ ජලමිනුම් ස්ථානයෙහි ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් තිබේ.

එබැවින් අත්තනගලු ඔය දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.

අත්තනගලු ඔයේ දූනමලේ ජල මිනුම් ඒකකයේ මේ වන විට ජලමට්ටම මීටර 3.61ක් වන අතර, සුළු ගංවතුර තත්ත්වයක් නම් එය මීටර 4.40 ක් දක්වා විය යුතුයි.