කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්වල පවුල් 11387ක පුද්ගලයින් 45,091ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර දිවයිනේ පළාත් රැසකට බලපා ඇති අධික වර්ෂාව තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි