අම්මට නොසලකන ලෝක පූජිත ක්‍රීඩකයා ගැන අසල්වැසියාගේ හෙළිදරව්ව

අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ…. යැයි අපේ බෞද්ධ පොත්පත්වල ප්‍රසිද්ධ වාක්‍යයක් පුංචි කාලයේදී ඕනෑම කෙනෙක් අසා තිබේ. නමුත් මේ කතාවනම් ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවකි.
ලොවක් වසගයට ගත් ක්‍රිකට් ක්‍රීඩකයකු තම මෑණියන්ට නොසලකන බවත් ඔහුට තමා මිය යෑමෙන් පසුව දේහයට කර ගැසීමට නොදෙන ලෙසත් සිය අවසන් කැමැත්තෙන් එම මව ඉල්ලා ඇතැයි අසල්වැසියාගේ සටහන නමින් කතාවක් මේ දිනවල සමාජයේ පැතිර යමින් තිබේ.
දකුණු පළාතෙන් බිහි වූ මේ ක්‍රීඩකයාගේ නම අපි හෙළි නොකරමු. නමුත් ලිපිය ආරම්භයේදී සදහන් කළ පදය අනාගත පරම්පරවට වැදගත් බැවින් මෙවැනි දේවල් සමාජයේ සිදුවන්නේ නම් එවැනි දේවල් සිදු නොවීම අරඹයා පමණක් අපි අසල්වැසියාගේ සටහන පළ කරන්නෙමු. නමුත් අපි කිසිවෙකුටත් මඩ නොගසන බැවින් ක්‍රීඩකයාගේ නම ක්‍රිකටර් කියා  හඳුන්වමු.

අසල්වැසියාගේ සටහන මෙසේය..
ලංකාවට ක්‍රිකට් විරුවෙක් වුවද ක්‍රිකටර් ගේ සත්‍ය හැසිරීම් රටාව දන්නේ ඔහුගේ සමීපතමයන් පමණි. ඒ කරුණු අනුව නම් ක්‍රිකටර් යනු ඉතා පහත් ගති ඇති අධමයෙකි.  අසල්වැසි බොහෝ දෙනා ඒ ගැන හොඳින්ම දනිති. ක්‍රිකටර් ගේ අසල්වැසියෙකු ලෙස ඒ කතාව ලෝකයා දැනගතයුතු යැයි සිතන බැවින් මෙසේ ලියමි.
ක්‍රිකටර් යනු..
ක්‍රිකටර් යනු මාස හයෙන් හයට ගෑනු මාරු කරමින් යන සල්ලාලයෙක් පමණක් නොව, තමන් වැදූ, තමන් ජාතක කළ දෙමාපියන්ට පවා ඉතා තුච්ජ පහත් සේ සලකන අධමයෙකි.
ක්‍රිකටර් ගේ මව මේ වන විට සිටින්නේ  පෞද්ගලික රෝහලේ නේවාසිකව අසාධ්‍ය තත්වයකිනි. ක්‍රිකටර් සිය මව බැලීමට රෝහලට පැමිනියේ එකම එක වතාවකි. ඒ සති තුනකට පෙරය. මව ගේ සයනය අසල විනාඩි කිහිපයක් පමණක් සිටි ක්‍රිකටර් රෝහල් කාර්යාලයට ගිය අතර එහිදී නිලධාරියෙක් පැවසූයේ රෝහලේ බිල ලක්ෂ 11ක් පමණ වී ඇති බැවින් ඉන් කොටසක් හෝ ගෙවා දමන ලෙසය. සැනෙකින් සිය සොහොයුරා දෙසට හැරුණු මෙම අධමයා කියා සිටියේ “මේක ගෙව්වා කියල මට මොනවද ලැබෙන්නේ?” කියා ය. රජයේ රැකියාවක නියැලෙන ක්‍රිකටර් ගේ සොහොයුරා සහ ඔහුගේ බිරිඳ ඔවුන්ට හැකි ආකාරයෙන් ඉතා විශිෂ්ඨ ලෙස සිය දෙමාපියන්ට සලකමින් රැක බලාගන්නා බව අසල්වැසියෙකු ලෙස කිව යුතුම ය.
පෞද්ගලික රෝහලක සිය මව ට ප්‍රතිකාර කිරීමට  වත්කමක් නැති මුත් ක්‍රිකටර් ගේ සොහොයුරා හා බිරිඳ ඉතා අසීරුවෙන් සිදුකරන්නේ මෙහෙයකි. දැනට වසර ගණනාවක සිටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා  මව කොළඹ එන්නේ සෙමි ලක්ෂරි බස් රථයකිනි. අම්මා මහරගම සිට ත්‍රීවිලයකින් කොළඹ නවලෝකයට ආ පසු රු 5000 ක් අත මිට මොලවන මේ  පුතා තම බීඑම්ඩබ්ලිව් රථයෙන් ආපසු යන්නේ මව ආපසු යන්නේ කෙසේදැයි පවා නොවිමසමිනි.
 මව ලියුම්කරු සමග කියා සිටියේ ඇගේ මරණයට කර ගැසීමට ක්‍රිකටර් ට ඉඩ නොදෙන ලෙසත් ඇය ඒ ගැන අන්තිම කැමැත්තේ ලියා තිබෙන බවත්ය. ක්‍රිකටර් ගේ පියා රෝගාතුර වූ විට සියලු කටයුතු සිදුකළේ  සහෝදරයා වුව ද, පියා මිය ගිය අවස්ථාවේදී ද VVIPපෙට්ටියක් ගෙනැවිත් සමාජයේ කැපී පෙනෙන්නට ක්‍රිකටර් ලොකු උත්සාහයක් දැරූ බව අසල්වැසියෝ හොඳින් දනිති. ලෝකයක් දිනාගත් මේ පුත්‍රයා ගේ එකදු ජායාරූපයක්වත් දැනට නිවසේ නැති අතර මවට ක්‍රිකටර් පිළිබඳ ඇති අපුල ඉන් හොඳින්ම පෙනේ.
මත්පැන් සහ බීර බෙදාහැරීමේ බලපත්‍රය ඇත්තේ ක්‍රිකටර්ට බව දන්නේ ස්වල්ප දෙනෙකි. වෛද්‍ය උපකරණ ගෙන්වා බෙදාහැරීම ඔහුගේ තවත් ව්‍යාපාරයකි.
කොතරම් මුදල් තිබුනත් සිය වැදූ මවට නොසලකන මේ අධමයා, ස්ත්‍රී පරාණයක් වෙනුවෙන් නම් ලක්ෂ ගණන් මුදල් වියදම් කරයි.
අසල්වැසියන් ලෙස අපට මේ අධමයාට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. යම් හෙයකින් මව මියගියහොත් , බොරු ෂෝ දමන්නට  නොඑන ලෙසය. එසේ වුවහොත් ක්‍රිකටර්ගේ අහිංසක අයියා කෙසේ වෙතත් අසල්වැසියන් වන අපි පිළිතුරු දීමට බලා සිටිමු.
– අසල්වැසියා