ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට හලාල් මස් කෑමක් ගැන විරෝධයක්

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා කාන්පුර් හී රැදී සිටින ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හලාල් මස් පමණක් නිර්දේශ කිරීමෙන් ඉන්දියානු ක්‍රිකට් ආයතනය සමග මත ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ.
ඉන්දියානු ක්‍රීඩකයන්ගේ ආහාර වේලට කිසිම විටෙක ඌරු මස් හෝ හරක් මස් ප්‍රභේද ඇතුළත් නොවිය යුතු බව සඳහන් කර තිබියදී මෙවැනි හලාල් මාස් ප්‍රශ්නයක් ඇතිවීම දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන දෙන සිදුවීමකි.
ක්‍රීඩකයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් අනුභව කළ හැකි නමුත් හලාල් මස් හදුන්වා දීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනයට අවසර දුන්නේ කවුද? යන්න තෙවැනි පාර්ශ්ශවයක් විසින් ප්‍රශ්න මතුර තිබේ. මෙය නීති විරෝධි ක්‍රියාවක් යැයි භාරතීය ජනතා පක්ෂයේ ගොයෙක් සිය ට්විටර් සටහනක වීඩියෝවක් මගින් ප්‍රචාරය කර තිබේ.