එක එක මන්තී‍්‍රවරුන්ගේ ප්‍රකාශ මත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15 දා) ඊයේ පැවසීය.
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයකු ඉවත් කිරීම හෝ පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ද අගමැතිවරයා කියා සිටියේය. ඇතැම් මන්තී‍්‍රවරුන් පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට ඇමැති තනතුරු ඉවත් කිරීම සඳහා කොන්දේසි පනවන බවත් මේ වනවිට රටේ ඇතිවී තිබෙන තත්ත්වය විසඳීමට සහාය දීම මිස ආණ්ඩුව විවේචනය කිරීම විපක්ෂයේ කාර්ය භාරය නොවන බවත් අගමැතිවරයා පැවසීය.
නෝමන් පලිහවඩන