බැසිල් රාජපක්ෂගේ ලිත් නඩුව නොවැම්බර් 05දා විභාගයට

2015 ජනාධිපතිවරය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කර රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ලබන 05 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය.

නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ නීතිපති වෙනුවෙන්  පෙනී සිටි නීතිඥ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින්  මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිදැයි සාක්කි විමසීමෙන් අනතුරුව එදින අධිකරණයට දැනුම් දෙන බව පැවැසීය.