තිරු නඩේශන් තර්ජනය කළ බවට චමින්ද විජේසිරිගෙන් කතානායකට පැමිණිල්ලක්

තිරු නඩේශන් යැයි හඳුන්වා ගත් පුද්ගලයකු තමාට දුරකතනයෙන් තර්ජනය කල බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්  සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික්  මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  අද (21දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මෙම තර්ජනය සම්බන්ධයෙන් තමා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළ බවද හෙතෙම පවසා සිටියේය.
විජේසිරි මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය  ඇතිව  වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.