මෙරට පළමු සය දරු උපත වාර්තා වෙයි

මෙරට පළමු සය නිවුන් දරු උපත අද (21දා) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී වාර්තා විය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සය දරු උපත සිදු කර තිබුණි.
ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු මෙලෙස බිහි කර ඇති අතර ඔවුන්ගේ මව්පියන් කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.  තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.