වාහන 164ක් ගෙන්වන්න බැසිල්ට අනුමැතිය

අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවහ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත්ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ටොයෝටා හයිඒස් වර්ගයේ ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසන් 52ක්, ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථ 62ක් පිළිවෙළින් ජපන් යෙන් 206,757, 500, ජපන් යෙන් 239,999,968ක් හා ඇමෙරිකානු ඩොලර් 1,801,456ක මුදලක් වැය කරමින් මිලදී ගැනීමට නියමිත බව අනාවරණය වේ.

ආනයනය කිරීම නවතා තිබූ වාහන 164ක් ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.