චීනයෙන් රුපියල් බිලියන 61.5 ණයක්

ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.