පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයෙන් අක්මාල්ට කෝටි ගණනක වන්දියක්

පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය විසින් උමර් අක්මාල්ට එරෙහිව පනවා තිබූ මාස 18 ක ක‍්‍රිකට් තරග තහනම මාස හයකින් කප්පාදු කර දැමීමට ස්විට්සර්ලන්තයේ පිහිටි කී‍්‍රඩා බේරුම්කරණ අධිකරණය පියවර ගෙන තිබේ. උමාර් විසින් තමාගේ තහනම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගිය වසරේදී ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණය වෙත ගෙන යෑමට කටයුතු කළේය.
ශ‍්‍රී ලංකාවේ අවිශ්ක ගුණවර්ධනටද අක්මාල්ට සමාන තරග තහනමක් පනවා ඇති අතර එම තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අසාධාරණ තීන්දුවක් ලබා නොදුනහොත් එයට එරෙහිවද ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යෑමට සූදානම් බව අදාළ පාර්ශ්ශවයේ සාමාජිකයකු සඳහන් කර සිටියේය.
ක‍්‍රිකට් ¥ෂණ නීති සංග‍්‍රහයේ 2.4.4 වගන්තිය උල්ලංඝණය කිරීම සඳහන් කරමින් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය වසර තුනක ක‍්‍රිකට් තරග තහනමක් උමාර් අක්මාල්ට පනවන ලදී. ඒ තරග පාවාදෙන පුද්ගලයන් සමග ඔහු කළ සාකච්ඡුාවක් අනාවරණය නොකිරීම හුවා දක්වමිනි. ඊට තමාගේ කිසිදු වරදක් නැති බව පවසමින් උමාර් අක්මාල් පාකිස්තාන් අධිකරණයකදී අදාළ තහනමට එරෙහිව ගොනු කළ නඩුවකින් පසුව එම තහනම මාස 18 දක්වා අඩුවිය.
අනතුරුව එයින්ද සෑහීමකට පත් නොවු අක්මාල් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් පැමිණි කළ හැකි ලොව ඉහළම අධිකරණය වන ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයටද අදාළ සිද්ධිය ගෙන යමින් තමා වැරදිකරුවකු නොව බව පෙන්වීමට සමත් විය. එහිදී ඔහුට පකිස්තාන් රුපියල් මිලියන 4.25 ක් හෙවත් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 27000 ක වන්දි මුදලක්ද පාකිස්තාන් කි‍්‍රකට් ආයතනයට ගෙවීමට නියම විය.
‘‘කිසිදු සාක්ෂියක් ඔවුන් සතුව නොමැත. දුරකථන ඇමතුමක් මත පදනම්ව තමයි අක්මාල්ට තහනමක් දාලා තිබ්බේ. කිසිදු ලේඛනයක් හෝ බැංකු ගනුදෙනුවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැහැ.’’ යනුවෙන් අක්මාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පවසයි.
‘‘මම නැවතත් ක‍්‍රිකට් ක‍්‍රීා කිරීමට සම්පුර්ණයෙන්ම සුදානම්. ඒක මට ලොකු සතුටක්. මට පාන් සහ බටර් කකා ගෙදර වෙලා කාලය ගත කිරීම ඉතාම අමාරු වුණා. අල්ලා දෙවියන්ට පසුව මගේ පවුලේ අයටත් මට උදව් කළ සියලූ දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මගේ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ගැන මම කියන්නේ නැහැ. ඔවුන්ට මාව සුදුසුනම් මට අවස්ථාවක් දෙයි.’’ යනුවෙන් අක්මාල් පවසයි.