දින දෙකේ ටෙස්ට් තරගය ඉන්දියාවේ කූඨ වැඩක් යැයි චෝදනාවක්

SOUTHAMPTON, ENGLAND - AUGUST 30: Ravichandran Ashwin and Virat Kohli of India appeal during the Specsavers 4th Test match between England and India at The Ageas Bowl on August 30, 2018 in Southampton, England. (Photo by Gareth Copley/Getty Images)

ටෙස්ට් තරගයටම පන්දුවාර 139 යි.
වසර 86 කට පසුව අඩුම කාලයකින් අවසන් වු ටෙස්ට් තරගය
ඉන්දියාව සහ එංගලන්තය අතර අහමදාබාද් නරේන්ද්‍ර මෝධි කී‍්‍රඩාංගණයේ පැවැති ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලූ 10 ක ජයක් ලබා ගත්තේය. එම තරගය වසර 86 කට පසුව ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ අඩුම කාලයකින් තීරණයක් වාර්තා වූ තරගය වශයෙන් සටහන් වෙද්දී එය ඉන්දියාවේ කූඨ උපක‍්‍රමයක්දැයි ක‍්‍රිකට් ලොව කතා බහට ලක්ව තිබේ.
‘‘මේ වගේ තණතීරු තිබුනානම් හර්බජාන් සහ කුම්බ්ලේ කඩුලූ 800 ක් හෝ 1000 ක් අරන්.’’ යනුවෙන් හිටපු ඉන්දියානු තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිංද සිය ට්ිටර් ගිණුමේ උපහාසාත්මක අදහසක් පළ කර තිබේ. දින දෙකකින් අවසන් වූ මෙම ටෙස්ට් තරගය සඳහා වැය වී ඇත්තේ පන්දුවාර 139.4 කි. සාමාන්‍යයෙන් දින පහේ ටෙස්ට් තරගයක් සඳහා උපරිම වශයෙන් පන්දුවාර 450 ක් යැවිය හැකි වුවද තරගයේ ස්වභාවය අනූව අවම වශයෙන් පන්දුවාර 425 කට වඩා යැවීමේ හැකියාව තිබේ.
ලොව විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරග දින දෙකකින් අවසන් වූයේ දඟ පන්දු යවන්නන් රජ කරවමිනි. එහිදී පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ එංගලන්ත පිල 112 කට දැවී යද්දී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 145 කට සීමාවිය. එහිදී තරගයේ වාර්තා වු එකම අර්ධ ශතකය රෝහිත් ෂර්මා විසින් වාර්තා කළේය. ඔහු පන්දු 84 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 53 ක් ලබා ගත්තේය.
එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 81 කට සීමා වෙද්දී ඉන්දියානුවන් ජයග‍්‍රාහණයට අවශ්‍ය ලකුණු 49 කිසිවකු නොදැවී ලබා ගත්තේය. මෙම තරගයේ දෙපිලෙන්ම දැවී ගිය කඩුලූ 30 න් 28 ක්ම දඟ පන්දු යවන්නන් විසින් ලබා ගැනීම විශේෂත්වයකි.
ඉන්දියාව මෙවැනි දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් ලබා දුන්නේ තරගය ජය ගනිමින් දෙරට අතර තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-/1 ක් වශයෙන් පෙරමුණ ගැනීමේ කූඨ උපක‍්‍රමයක් පෙරදැරිව බව විචාරක මතය වේ. එහිදී ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ කලින්ම අවසන් මහ සටනට සුදුසුකම් ලබන කණ්ඩායම බවට පත් වන්නේ ප‍්‍රසාද ලකුණු 490 ක් ලබා ගනිමිනි.
එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් තරගාවලිය 2/2 ක් වශයෙන් අවසන් වුවත් ඉන්දියාවට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමේ වාතාවරණය උදා වී තිබේ. එංගලන්තය මේ වන විට ප‍්‍රසාද ලකුණු 442 ක් ලබා ඇති බැවින් ඔවුන්ට තරගාවලිය සමව අවසන් කළහොත් අවසන් මහා සටනට වැඩි අවස්ථාවක් උදාකර ගැනීමේ හැකියාව නිර්මාණය වී තිබේ. එසේ නොවුණහොත් බොහෝ දුරට ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් සටනක් පළමු ටෙස්ට් ලෝක ශූරතාවයේදී නිර්මාණය වේ. නවසීලන්තය මේ වන විට ප‍්‍රසාද ලකුණු 420 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව ඇත්තේ අඩු තරග සංඛ්‍යාවකදී වීම විශේෂත්වයකි.