ලොවම පුදුම කරමින් පිරිමි සමලිංගිකයන් දෙමව්පියන් වෙති


සමලිංගික විවාහයන් ලොව බහුතරයක් පිළිකුලින් යුතුව හෙළා දකිති. ඕනෑම දෙයක් සිදුවිය හැකි ලෝකයේ එවැනි විවාහයන්ද දැන් ලොව නන් දෙසින් වාර්තා වේ. ශ‍්‍රී ලංකාවේද මෙම සමලිංගික විවාහයන් සම්බන්ධව ඉකුත් රජය සමයේ මාර්තෘකාවට බඳුන් වුවද විරුද්ධ පක්ෂයේ විවේචන හමුවේ එය පාර්ලිමේනතුවට නොගොස් යට ගියේය.
මේ කතාව අපුරු සමලිංගික පෙම්වතුන් විවාහයකින් පසුව දරු තිදෙනකුගේ දෙමව්පියන් වු හැටිය. සමලිංගික ඇසුර පාපයක් යැයි විශ්වාසයක් පවතින ලෝකයේ ඇමරිකාවට අයත් උතා ප‍්‍රදේශයේ සෝල්ට් ලේක් සිටි හී වාසය කරන පිරිමි සමලිංගික විවාහකයන් වන 30 හැවිරිදි ජේක් ටේලර් සහ 27 හැවිරිදි ෂෝන් ටේලර් මෙම සමලිංගික දෙමව්පියන් බවට පසුගියදා පත්විය.

2012 වසරේදී සමලිංගික පෙම්වතුන් වශයෙන් එකිනෙකාගේ අවබෝධය ඇතිව සබඳතාව ගොඩ නගා ගත් ජේක් සහ ෂෝන් මීට වසර කිහිපයකට පෙර විවාහ ගිවිස ගත්හ. පවුලක් බවට පත්වීමට සිහින මැවු මෙම සමලිංගික යුවල පසුගියදා දියණියන් තිදෙනකු වන රෙන් මාලියා, විලෝ එලිසබෙත් සහ වින්සන්ට් සැමුවෙල් යන දරු තිදෙනකුගේ දෙමව්පියන් බවට පත්විය. ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100,000 කට අධික මුදලක් ඔවුන් වියදම් කර ඇත.
ඔවුන්ගේ රටේ නීතිය ප‍්‍රකාරව ඇතිකරගත් ගිවිසුමක් අනූව ඉදිරිපත් වූ තැනැත්තියක් විසින් බිහි කළ දරු තිදෙනා ඔවුන්ට භාරදී තිබේ. ‘‘මුලින්ම පවුලේ අය සමග පිටතට පැමිණීම අභියෝගයක් වුණා. දුෂ්කර වුණා. වාසනාවකට මෙන් ඔවුන් ඇදහිය නොහැකි පුදග්ලයන් බව වටහා ගැනීමට හැකි වුණා. ඔවුන් තේරුම් නොගත් දේවල් තේරුම් ගැනීමට මෙන්ම අපගේ අව්‍යාජ දේ පිළිගැනීමට වැඩි කාලයක් ගියේ නැහැ.’’ යැයි ජේක් පවසයි.
නම සඳහන් නොකරන නිර්ණාමික පුද්ගලයකුගෙන් ලබාගත් සුක‍්‍රාණු මත දරුවකු බිහිකිරීමේ පළමු අඩිතාලම සකස් කළද අවාසනාවකට සති 12 කින් එම දරුවා අහිමිව තිබේ. ‘‘ඒක හද කම්පා කරවන මොහොතක්. ඒ මිහිරි කාන්තාව සමග අපේ පවුල වෙත ළඟා වන දරුවා ගැන අපි නිතරම සිතුවා.’’ යැයි ජේස් සඳහන් කරයි.
විදෙස් වාර්තා ඇසුරිනි