එංගලන්තයෙන් ආ කන්ටේනර් රේගුවේදී ගල් වෙයි

මීට මාස කිහිපයකට පෙර එංගලන්තයෙන් මෙරටට පැමිණි කන්ටේනර් විස්සකට වැඩි සංඛ්‍යාවක් තවමත් නිදහස් කර නොමැති බව එංගලන්තයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් මාර්ගයෙන් අනාවරණය වේ. ඔවුන් විසින් සිය නිවෙස්වලට සහ හිතමිත‍්‍රාදීන්ට යවන ලද බඩු භාණ්ඩ නොලැබීම සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අදාළ කන්ටේනර් රේගුවේ හිරවී ඇති බවට ඇතමුන් පවසන බවට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රේගු නිළධාරීන්ගෙන් විමසීමට ‘ශ‍්‍රී ලන්කන් ටයිම්ස්’ උත්සහ කළද අදාළ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට රේගු මාධ්‍ය කළමණාකරුවකු නොමැතිවීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් අඩි දෙක හමාරක් පමණ උසින් යුතුු සහ අඩි එකඑහමාරක පළලින් යුත් බඩු පෙට්ටියක් මෙරටට එවීමට එංගලන්තයේ ජීවත් වන්නකුට පවුම් හැටක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 12000 ක පමණ මුදලක් වැය වන බවට තතු දත් උදවිය පවසයි.
චොකලට්, බීම වර්ග ඇතුළු බොහෝ දේ අදාළ පෙට්ටිවල ඇතැයි එංගන්තයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයකු පැවසීය. ‘‘අපි ගෙවල්වලට බඩු භාණ්ඩ එවන්නේ මේ කෝවිඞ් නිසා ඔවුන් ඉන්න අපහසුතා බලලා. නමුත් මුදල් ගෙවලා ඔක්කොම කරලත් තවම මාස ගණනකින් එවපු ගෙදරට ගිහිල්ලා නැහැ. අපිත් අසරණයි ගෙවල් වල අයත් අසරණයි.’’ යනුවෙන් පැවසීය.