කෝවිඞ් දේහ භූමදාන අවසරයට ඉම්රාන් ඛාන්ගේත් සතුට

ශ‍්‍රී ලංකාවේ සිදුවන කෝවිඞ් පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීමට පනවා තිබු නීතිය ඉවත් කරමින් එම දේහයන් භූමදානය සඳහා රජය විසින් අවසර ලබාදීමේ ගැසට් නිවේදනය සම්බන්ධව පාකිස්තාන් ජනාධිපති ඉම්රාන් ඛාන්ද සතුට පළ කර තිබේ.
ඉම්රාන් ඛාන් පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණ යළිත් සිය රටට නික්ම යෑමෙන් පසුව මෙම සුබ පැතුම පළ කර තිබේ. ‘‘මම ශ‍්‍රී ලංකා රජය ගත් තීරණයට සතුටු වෙනවා.’’ යැයි ඔහු සඳහන් කර තිබේ. මුස්ලිම් ජාතිකයන් විසින් ඔවුන්ගේ දේහයන් පිළිස්සීමට විරුද්ධව භූමදානය වෙනුවෙන් අවසර ලබා දෙන ලෙස බොහෝ ඉල්ලීම් සිදු කළේය.
අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සියලූම කෝවිඞ් මෘතදේහය ආදාහනය කළ යුතු බවට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබුණි.
ජලයෙන් විෂබීජ ව්‍යාප්තවීම වැළැක්වීම හේතුවෙන් කෝවිඞ් දේහයන් භූමදානය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබුණි. නමුත් වත්මන් තත්ත්වය අනූව අදාළ රෝගියා මිය යන ස්ථානයේ ආසන්නම සොහාන් ගැබක එම දේහයන් මිහිදම් කළ හැක.