මයිකල් ජැක්සන් එක්ක නටපු අපේ කළු කෙල්ල මතකද…

ලෝකයට අපූරු නර්තන ශෛල්‍යයක්. විටෙක ඇග නලවන නර්තනයක්… තවත් විටෙක ශරීරයේ ඕනෑම ස්ථානයක් හැඩකාර ලෙස නවන නර්තනයක්… මේ ලොවට අපුරු කලාවක් එක් කළ සුපිරි තරුවකි. ඒ මයිකල් ජැක්සන් නම් අසහය පොප් ගායකයා ලොවට අමතක නොවන්න ලබාදුන් දායාදයකි.
ඔහුගේ අලංකාර ගීතයත් සමග ගැයෙන නර්තනය ලොව උමතු කළ බව නොරහසකි. නමුත් මේ කතාව ඒ සුපිරි පොප් ගායකයා ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් සමග නර්තනයේ යෙදුන කතාවයි.
කලු හෝ සුදු එහෙමත් නැතිනම් Black or White ගීතයට මයිකල් ජැක්සන් ලකාවේ තරුණියක් සමග නර්තනයේ යෙදුන ඉතිහාස කතාවනම් අපුරුය. ජැක්සන් සමග නර්තනයේ යෙදෙන්නට අවස්ථාව ලද ඇය යමුනා සංගරාසිවම් වූවාය.
මයිකල් ජැක්සන්ගේ Black or White ගීතයේ නර්තනයට කළු කෙල්ලන් වෙනුවෙන් පැවැති තේරීම් පරීක්ෂණයකට තුන් දහසකට අධික පිරිසක් පැමිණ තිබෙනවා. කොහොම හරි ඒ අතරින් යමුනා මේ සම්මුඛ පරීක්ෂණය ජය ගෙන තත්ත්පර 20 ක පමණ කොටසකට නර්තනයෙන් දායක වෙනවා. ඇයගේ මවගේ පෙරැත්ත කිරීම මත තමයි යමුනා මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙලා තියෙන්නෙ. යමුනාටත් වැඩිය ඇයගේ මව ජැක්සන්ගේ ගීත ලෝලියෙක් වූවාය.
මේ ගීතය පටිගත කරන්න යමුනා සහ ඇයගේ මව ජැක්සන්ගේ පෞද්ගලික මර්සිඩීස් රථයෙන් තමයි ගිහිල්ලා තියෙන්නෙ. කොහොම වුණත් තත්ත්පර විස්සක රූප රාමුව වෙනුවෙන් යමුනා පැය 14 ක්ම කට්ට කලා තියෙනවා. එතනදි යමුනාට ජැක්සන් විසින් ජැකට්ටුවක් පොරවා ගැනීමට ලබාදී තිබීම තවත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉපදුන යමුනා කුඩා අවධියේ සිට පියානෝ වාදනයට සහ කර්නාටක නර්තනයට දස්කම් දක්වා තියෙනවා. පසුව ඇය ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිදයාලයේ උපාධිය ලබා මහාචාර්යවරියක් දක්වා ගමන් කිරීම තවත් විශේෂත්වයක්.

එම ගීතය සහ නර්තනය පහලින් නරඹන්න…