මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන නවතම Bolero City Pik-Up රථය දැන් ශ්‍රී ලංකාවේ

වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිමෙන් මුල් වරට —ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත˜ ටොන් 1.4 Pik-Up රථය
2021 ඔක්තෝබර් 26 – – Mahindra & Mahindra Ltd’ (M&M)- සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත
සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය අද දින
මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැමහතාද සහභාගී වූ අතර එතුමන් මහින්ද්‍රා අයිඩියල්
ලංකා මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ ක්ෂේත්‍ර චාරිකාවකටද එක් වෙමින් නව Bolero City Pik-Up
රථය එකලස් කිරීමේ ක්‍රියාවලියද නිරීක්ෂණයට ලක් කළේය.
වැලිපැන්න ප්‍රදේශයේ පිහිටා ඇති මෙම වැඩබිම 2019 වසරේ අගෝස්තු මස M&M Ltd සහ අයිඩියල්
සමූහයේ සම හවුල්කාරීත්වය යටතේ ආරම්භ කරනු ලැබූවකි.
M&M Ltd යනු කුඩා පරිමාණ වෙළඳ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අතර සමාගමේ pickup
වර්ගයේ රථ අතරට මෙම නව මාදිලියද එක් වීම මෙරට වාහන වෙළඳපොළ තුළ සමාගම විසින් දිනා ඇති
ප්‍රමුඛස්ථානය තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා
ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි ක්‍රමානුක+ලව ගමන් කරමින්
සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය එකතු
කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිඛෙනවා, කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන් වේවි,
කියන විශ්වාසය අපට තිඛෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටියෙහි පවතින සුළු සුළු අඩුපාඩු නිවැරදි කරලා,
විශේෂයෙන් අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයන්ට මේ ක්ෂේත්‍රයේ ආයෝජනයන් කිරීමට අවශ්‍ය
වාතාවරණය, පහසුකම් තව තවත් දිරි ගැන්වෙන ආකාරයට සකස් කර දෙන්නත් අපි ඉදිරියේදී
බලාපොරොත්තු වෙනවා.˜
අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දේශීය
අගය එකතු කිරීමක් සිදු කර තිඛෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ
ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිඛෙනවා. විශාල
පිරිසකට මෙමගින් ප්‍රතිලාභ රැසක් ලැඛෙන තත්ත්වයක් උදාවී තිඛෙනවා.
ඒ නිසා ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි  ගමන්
කරමින් සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය
එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිඛෙනවා, කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන්
වේවි, කියන විශ්වාසය අපට තිඛෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටියෙහි පවතින සුළු සුළු අඩුපාඩු නිවැරදි
කරලා, විශේෂයෙන් අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයන්ට මේ ක්ෂේත්‍රයේ ආයෝජනයන් කිරීමට අවශ්‍ය
වාතාවරණය, පහසුකම් තව තවත් දිරි ගැන්වෙන ආකාරයට සකස් කර දෙන්නත් අපි ඉදිරියේදී
බලාපොරොත්තු වෙනවා.
උත්සව සභාව අමතමින් අයිඩියල් මෝටර්ස් සභාපති නලින් වෙල්ගම මහතා, —අයිඩියල් මෝටර්ස් සහ M&M දශකයක පමණ කාලයක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කරමින් පාරිභෝගිකයන් වෙත උපරිම වටිනාකමක් ඇති නිපැයුම් පෙළක් දායාද කරන්නට සමත්ව තිඛෙනවා. දේශීය සැපයුම්කරුවන් සවිබල ගන්වමින්
දේශීයත්වයේ අගය මෙම නව Bolero City Pik-up රථයට එක් කරන්නට හැකි වීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු Bolero City Pik-up රථය වන මෙය මෙරට වෙළඳපොළටත් වඩාත් හොඳින් ගැලපෙන
නිෂ්පාදනයක්. අපගේ දීප ව්‍යාප්ත මහින්ද්‍රා අලෙවි ප්‍රදර්ශනාගාර ජාලය සහ බලයලත් සේවා නියෝජිත ජාලය
සමඟින් මෙම වාහන මාදිලිය තුළ අපගේ වෙළඳපොළ ප්‍රමුඛතාව තහවුරු කරන්නට හැකි වනු ඇති බව අපට
විශ්වාසයි.˜ යනුවෙන් ප්‍රකාශ කළේය.
සවිමත් සස්පෙන්ෂන් පද්ධතිය නිසා විවිධ ප්‍රමාණයේ බර සමඟ
නගරාන්තර ධාවනයට වැඩි පහසුවක් මෙමඟින් ලබා දෙයි. මෙහි කැබින් කොටසද වැඩි සුවපහසුවකින් යුතුව
නිපදවා ඇති අතර රියදුරුට සහායකටද පුළුල් අසුනක් ලබාදී තිබීම මෙහි ඇති එක් විශේෂත්වයකි. නගරබද
සහ නගරාන්තර වෙළෙඳ ගමනාගමන කටයුතු සඳහා වඩාත් සුවපහසුවක් සලසන රථයක් වන නිසා දිවයින
පුරා වෙළඳ භාණ්ඩ ඛෙදාහැරීම වැනි කටයුතු සඳහා මෙම නව Bolero City Pik-up රථය වඩාත් යෝග්‍යතම මාදිලියේ රථයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.