
කොවිඩ්-19 එන්නතෙහි මාත්‍රා තුනක් ලබා ගත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ගේ රෝහල්ගත වීම 90% කින් අඩු වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසන පරිදි වයස අවුරුදු 65 ට වැඩි අය සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමත් සමඟ ඔමික්‍රෝන් (Omicron) හේතුවෙන් රෝහල්ගත වීම ද 50% කින් පහත වැටී තිබේ.
අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් රෝහල් ගත කිරීමට සහ වෛරසයට ගොදුරු වීමට වැඩි අවදානමක් ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් අවුරුදු 65 ට වැඩි එන්නත් නොකළ ජනගහනය අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව දක්නට ලැබේ. බූස්ටර් එන්නත් මාත්‍රාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ මෙවන් අවස්ථාවකදීය.
මීට අමතරව මහාචාර්යවරිය පැවසුවේ බොහෝ හදිසි අනතුරු ඒකකයන්ට ඇතුළත් කිරීම් සහ COVID-19 මාරාන්තිකයින් අතර වැඩි පිරිස එන්නත් නොකළ ජනගහනයෙන් මතුවන බවයි.
එබැවින්, තවත් ප්‍රමාදයකින් තොරව බූස්ටර් එන්නත් මාත්‍රාවද ලබා ගන්නා ලෙස ඒ සඳහා සුදුසුකම් ඇති සියලුම පුද්ගලයින් ගෙන් ඇය ඉල්ලා සිටියාය.
මේ අතර, ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ජනතාවගෙන් ඉල්ලා සිටියේ බූස්ටර මාත්‍රාව පිළිබඳ වැරදි වැටහීම් සහ මිථ්‍යාවන්ගෙන් ඈත් නොවන ලෙසයි.