ලොව පළමු වරට හරක්ටත් ගිලන් රථ

ලොව පළමු වරට ගවයන් සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට ඉන්දියාවේ උත්තර් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
මෙම ප්‍රාන්තයේ ගවයන්ගෙන් ලබා ගන්නා කිරි නිෂ්පාදන ඉහළ දමා ගැනීම අරමුණු කරගෙන එම ප්‍රාන්තයේ සත්ව සහ ධීවර අමාත්‍ය ලක්ෂ්මී නාරායන් චෞද්රි විසින් මෙම ගිලන් රථ සේවාව සඳහා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනූව ගිලන් රථ 515 ක් ගවයන් වෙනුවෙන් සූදානම් කර ඇත.
එම ප්‍රාන්තයේ ගවයකු අසනීප වුවහොත් 112 යන දුරකතනය අමතා ගිලන් රථයක් පශු වෛද්‍යවරයකු සහ සහයකයන් සමග පැමිණ ගවයන්ව ප්‍රතිකාර සඳහා රැගෙන යනු ලබයි.
ගවයන්ට ගිලන් රථ ලබාදීම සම්බන්ධයෙන් බහුතරයක් විරෝධතාව දක්වා තිබීමද විශේෂත්වයක්.