ඉන්ධන මිල වැඩි කරාම බස් ගාස්තුත් වැඩි වෙයි – ත්‍රී වීල් හා පාසැල් බස් රථත් සල්ලි හොයන විදියෙ වෙනසක්

ඊයේ සිට සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය හේතුවෙන් ඊට
සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් සහ
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අතර අද පැවැත්වීමට නියමිතව තිබෙන බව පැවැසෙනවා.
පෞද්ගලික බස් සංගම් ඊයේ ප්‍රකාශ කළේ රජයෙන් ලැබිය යුතු ඉන්ධන සඳහා සහනාධාරයක් නොලැබුණ
හොත් බස් ගාස්තුව 25% කින් ඉහළ නැංවීමට සිදු වන බවයි .
කෙසේ නමුත් සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්
සඳහන් කර සිටියේ මෙම සාකච්ඡාව සඳහා තම සංගමයට ආරාධනාවක් ලැබී නොමැති බැවින් තමන් ඒ
සඳහා සහභාගී නොවන බවයි.

ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ පාසැල් වෑන් රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බව සමස්ථ ලංකා පාසැල්
ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව පාසල් ආරම්භ වීමට ප්‍රථමයෙන් වැඩි කරන ගාස්තු ප්‍රතිශත
සම්බන්ධයෙන් අදාළ අංශ වලට දැනුම්දීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා
සඳහන් කරනවා.
තවද ඉන්ධන මිල ගණන් ඉහළ යාම ‍හේතු කොට ගෙන ත්‍රිරෝද ගාස්තුද අද සිට ඉහළ දමා තිබෙනවා. ඒ
අනුව ත්‍රී රෝද රථයක පළමු සහ දෙවන කිලෝමීටර් ගාස්තුව ඉහළ දමා තිබෙනවා. එම ඉහළ දැමීම පළමු
කිලෝ මීටරයට 80ක් ලෙස සහ දෙවැනි කිලෝ මීටරයේ සිට කිලෝ මීටරකට රු. 45 ක් බැගින් යනුවෙන්
ක්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර
මහතා පවසන්නෙ.