සරුංගලයක් යවමින් සිටි තරුණයා සරුංගලයත් සමග අහසේ පාවී යයි

විශාල ප්‍රමාණයේ සරුංගල් පහක් එකට ගැට ගසා කඹයක ආධාරයෙන් සරුංගල් යවමින් සිටි යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයකු එම සරුංගලේ සමග අඩි 40ක් පමණ ඉහළ ආසේ පාවි ගොස් ඇතැයි වාර්තා වේ. තරුණයන් පිරිසක් එක්ව සරුංගල් පහක් පමණ එකට ගැට ගසා යවන්න සූදානම් වත්ම එකවර ආ විශාල සුළඟකට හසුව සරුංගලයත් සමග තරුණයා අහසේ පාවී ගොස් තිබේ. එම සරුංගලය බැඳ තිබූ කඹය ආධාරයෙන් එය අල්ලාගෙන සිටි තරුණයා ද එම සරුගංලය සමග පාවි අහසට ඇදී ගොස් ඇත.

ඔහු සමග සිටි අනෙක් තරුණයන් දැඩි පරිශ්‍රමයක් යොදා කඹය ඇද ඇති අතර ඉහළ අහසේ පාවෙමින් සටි තරුණාය අඩි 10ක් පමණ පහළට ගෙන ඇත. ඒ අවස්ථාවේ තරුණය කඹය අතහැර බිමට පැන තිබේ.