යොහානිට කොළඹින් ඉඩමකට කැබිනට් අනුමැතිය

ශී‍්‍ර ලංකාවට සංගීත ක්‍ෂෙත‍්‍රය තුළින් ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් යොවුන් ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවියට කොළඹින් ඉඩමක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවකට මෙම අනුමැතිය හිමිවී ඇත. විවිධ පාර්ශ්ව වෙතින් ඇය ඇගයීමට පත් කළ යුතු බවට ලැබුණු යෝජනා අනුව අගමැතිවරයා මෙම පියවර ගෙන ඇත.

1996 වසරේ ලෝක කුසලානය ජයග‍්‍රහණය කළ කි‍්‍රකට් කණ්ඩායමට ලබා දුන් බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි ඉඩමට යාබදව පිහිටි පර්චස් 9.68 ක ඉඩම් කොටසක් රජයෙන් ලබාදෙන ත්‍යාගයක් ලෙස යොහානිට ලබාදීමට මෙසේ තීරණය කර ඇත.