තවත් ඔමික්‍රෝන් 3ක් මුළු ගණන 7යි

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු මෙරට තුළ හඳුනාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ
වෛරස් රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව
ප්‍රකාශ කර අතර ඒ අනුව මේ වනවිට මෙරටින් හමුව ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් දක්වා
ඉහළ ගොස් තිබේ.
එම තිදෙනා අතරින් එක් අයෙකු ටැන්සානියාවේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා සුඩානයේ සිට
පැමිණ ඇති බවට අනාවරණ වී ඇත.
මෙම ආසාදිතයින් ඔවුන් පසුගිය 16 වනදා සහ 20 වනදා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් අවුරුදු 33,35
සහ 47 යන වයස්වල පසුවන අය බවද පැවැසේ.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 311 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය
නිවේදනය කරනවා.
ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 558,226 දක්වා ඉහළ ගොස් තිබෙනවා.