ගුවන් යානයක් හදිසියේ පයාගලට ආවේ ඇයි ?

සැහැල්ලු ගුවන් යානාවක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.
මෙම ගුවන් යානය මෙරට පෞද්ගලික ගුවන් සමාගමකට අයත් එකක් බවට වැඩිදුරටත් පැවැසේ.
සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ එම යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන්
යානය වෙරළ තීරයට ගොඩ බස්වා ඇති බවටයි.

මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් යානයේ සිටි කිසිවෙකුට හෝ යානයට හානියක් සිදුව නොමැති අතර
එම අවස්ථාවේ යානයේ දෙදෙනෙකු පියාසර කරමින් සිට බවද වාර්තා වේ.
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන්
වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක්ද මේ වන විට අදාළ ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ගුවන්
හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.