චන්දිමාල් සහ පියුමි හංසමාලි ඇප පිටම නිරෝධායනයට

උපන්දින සාධවලට මෙන්ම විවිධ සාධවලට ඇල්මක් දක්වන සුප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු පිරිසක් කොරෝනා නීති උල්ලංඝණය කරමින් කොළඹ ෂැංග‍්‍රිලා හෝටල් කාමරයක පැවැත්වු සාධයක් අතරතුරදී අත්අඩංහොගුවට පත්විය.
අනතුරුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබාදුන් අතර අනතුරුව පොලිසිය විසින් ඔවුන්ව නිරෝධායනයට යොමු කරන ලදී.
රජයේ නිරෝධාන නීති උල්ලංඝනය කරමින් තරු පහේ හෝටලයක පැවැත්වු සාදය හේතුවෙන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙසේ නිරෝධානයට යොමු කර තිබේ. අදාළ සාදයට 30 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇතැයි වාර්තා වේ.
කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක නිරෝධායනය වීමට ඔවුන් ඉල්ලා සිටියද ඒ සඳහා පොලිසියෙන් ඉඩක් නොලැබුණි. ඒ අනූව පස්සර පිහිටි නිරෝධායනය මධ්‍යස්ථානයකට ඔවුන්ව යොමු කරන ලදී.

https://fb.watch/5TmQ7v5SVa/