ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගම සම්මාන රැසකින් පිදුම් ලබයි

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ මෙරට අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ පැවැත්වූ 2020-2021 ගෝලීය තරගාවලියකදී සම්මාන රැුසකින් පිදුම් ලැබීමට සමත් විය.
මෙම තරගාවලිය ස`දහා මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 22ක සහභාගිත්වයෙන් දබකසබැ තාක්‍ෂණය ඔස්සේ පැවති තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවන් සම්මානයට පාත‍්‍ර විණි.
සේවා විධායක නිලධාරි කාණ්ඩය, ගැටලු සොයා ගැනීමේ විශේෂඥ කාණ්ඩය හා තාක්‍ෂණික ශිල්පීන් කාණ්ඩය යටතේ තරග වැදුනු අයිඩියල් මෝටර්ස් සමාගමේ තරගකරුවන්ට මෙම සම්මාන හිමි විය. මෙහිදී අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජනය කළ තුෂාර රාමනායක ගැටලු සොයා ගැනීමේ විශේෂඥ කාණ්ඩයේ පළමු ස්ථානයද, එම අංශයෙන්ම තරග වැදුනු සුබෝධ වීරසේකර තුන්වන ස්ථානයද, තාක්‍ෂණික ශිල්පී අංශයෙන් තරග වැදුනු චාමර කත‍්‍රි ආරච්චි ප‍්‍රථම ස්ථානයද හිමිකර ගැනීමට සමත්විණි.
මීට අමතරව මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම මෙරට එකලස් කරන මහින්ද්‍රා ණඹඪ100 ඵසබස ීඹඪ මෝටර් රථය ස`දහා ස්ථාපනය කරනු ලැබූ නවීන තාක්‍ෂණයෙන් සමන්විත සේවා මධ්‍යස්ථාන ස`දහා ඉන්දික වෙදගේ හා බුද්ධික බණ්ඩාර යන කළමනාකරුවන් ප්ලැටිනම් අංශයේ ජයග‍්‍රාහයන් බවට පත්විණි.
මෙම තරගාවලිය ස`දහා පළමු තරග ලෙස දේශීය තරගාවලියක් පැවැත්වූ අතර එහි ජයග‍්‍රාහකයන් කලාපීය කාණ්ඩ යටතේ තරග වැදුනු අතර එමගින් තෝරාගත් ජයග‍්‍රාහකයන් ගෝලීය කාණ්ඩය යටතේ තරගාවලියට එක් විය.
පාරිභෝගිකයාගේ සෞභාග්‍ය යන තේමාව මූලික කරගත් අයිඩියල් මෝටර්ස් සමාගම ලැබූ මෙම සම්මාන තුළින් සිය පාරිභෝගියන් වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී සේවාව මෙමගින් මනාව පිළිබිඹු වේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා සහ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ අයිඩියල් මෝටර්ස් සමාගම නව වෙළෙ`ද රථ පාරිභෝගියන් හට සේවාවන් සැපයීමට 300 කට අධික සේවා බලකායක් ස්ථාපිත කර ඇති අතර තවද අයිඩියල් මෝටර්ස් සමාගමෙහි සහෝදර සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් නාමය යටතේ අලුත්වැඩියා ස්ථාන 12ක් දිවයින පුරා පිහිටුවා ඇත.
ශ‍්‍රී ලාංකීය සැහැල්ලු වෙළෙ`ද රථ කාණ්ඩයේ ප‍්‍රමුඛයා වන අයිඩියල් මෝටර්ස් සමාගම තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2019 වර්ෂයේදී පාරිභෝගික සේවා අංශයේ මෝටර් රථ අංශය ස`දහාද යොමු විය. මේ ස`දහා කලුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කර්මාත්තශාලාවක් ආරම්භ කෙරිණි. එහිදී මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්ථාපිත කර මහින්ද්‍රා ණඹඪ100 ඵසබස ීඹඪ මෝටර් රථය මෙරට එකලස් කිරීම ආරම්භ කරනු ලැබීය. මෙම අංශයේ පාරිභෝගිකයන් ස`දහාද සමාගමේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න මහතාගේ මගපෙන්වීම යටතේ දිවයිනේ දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි පාරිභෝගික රථ ස`දහා විධිමත් ලෙස අලෙවියෙන් පසු සේවාවක් සැපයීමට සේවා ස්ථාන 55ක් ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබීය. ඒ අනුව මහින්ද්‍රා පාරිභෝගික රථ ස`දහා සියලුම දිස්ත‍්‍රික්කයන්හි තෝරාගත් නගර 55කදී (අයිඩියල් මෝටර්ස්හි රත්මලානේ පිහිටි ප‍්‍රධාන වැඩබිමද ඇතුලුව අයිඩියල් ෆස්ට් චොයිස්හි දිවයින පුරා පිහිටි සේවා ස්ථාන 12ද ඇතුළත් වේ* සේවාවන් ලබාදීම සිදු කෙරේ.
තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් නිරතුරුව සපුරාලමින් සාර්ථකත්වය වෙත ගමන් කිරීම අයිඩියල් මෝටර්ස් සමාගමේ අභිප‍්‍රාය වේ.
ඡුායාරූපය – තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම ඡුායාරූපවලින් දැක්වේ