කොරෝනාව නිසා විශ‍්‍රාම ගිය හෙදියන්ව යළි ගන්නැයි අගමැති කියයි

උද්ගතවී ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තය හේතුවෙන් රජයේ විශ‍්‍රාම ලද හෙදියන්ව කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට දන්වා තිබේ.
සමස්ත දිවයිනටම මේ වන විට රජයේ සේවය කරන හෙදියන් සංඛ්‍යාව 34000 ක් පමණ වන බවත් ඔවුන් දැනට මුහුණ පා සිටින කෙටි කාලීනස හ දිගු කාලීන විසදුම් යෝජනා සාකච්ඡුා කිරීමද එහි අරමුණ වී තිබේ’.
දැනට පුහුණුව සඳහා බඳවා ඇති හෙදියන්ද අදාළ ඒකකවලට එක් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමැතිනියට උපදෙස් දී තිබේ.