ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස මුල් සතියේදී ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිතය. අදාළ තරගාවලිය සඳහා නම් කර ලද 20 දෙනකුගෙන් සමන්විත සංචිතයේ උපනායකත්වයට චරිත් අසංලක පත්කර තිබීම විශේෂත්වයකි සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.
එළැඹෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයින් විසිදෙනෙකු ගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද බවට අද දින ක්‍රිකට් ආයතනය නිවේදනය කළ අතර එම සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් කර නැත.
ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් බවට ප්‍රකාශ කළ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත එම තීරණය වෙනස් කොට යළිත් ක්‍රිකට් පිටියට පැමිණෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටියේය. කෙසේ වෙතත් භානුක ඕස්ට්‍රේලියානු තරගාවලියට ඇතුළත් නොකළද විනය කඩකිරීමේ හේතූන් මත තහනමකට ලක්ව මෑතකදී ඉන් නිදහස් කළ ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් දෙදෙනා එම සංචිතයට නම් කර ඇත.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විස්සයි-20 තරග 05කට ක්‍රීඩා කිරීමට නියමිතය. 2022 පෙබරවාරි 11 වන දින සිට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය (SCG), මැනුකා ඕවල්(Manuka Oval) සහ මෙල්බර්න් (MCG) යන ක්‍රීඩාංගන තුනෙහි මෙම තරඟ පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය
1 දසුන් ශානක (නායක)
2 චරිත් අසලංක (උපනායක)
3 අවිශ්ක ප්‍රනාන්දු
4 පැතුම් නිශ්ශංක
5 ධනුෂ්ක ගුණතිලක
6 කුසල් මෙන්ඩිස්
7 දිනේෂ් චන්දිමාල්
8 චාමික කරුණාරත්න
9 ජනිත් ලියනගේ
10 කමිල් මිෂාර
11 රමේෂ් මෙන්ඩිස්
12 වනිඳු හසරංග
13 ළහිරු කුමාර
14 නුවන් තුෂාර
15 දුෂ්මන්ත චමීර
16 බිනුර ප්‍රනාන්දු
17 ජෙෆ්රි වැන්ඩ්‍රසි
18 මහේෂ් තීක්ෂණ
19 ප්‍රවීන් ජයවික්‍රම
20 සිරාන් ප්‍රනාන්දු