ආයෝජන යෝජනා රැසක් සමඟ චීන විදේශ ඇමැති ශ්‍රී ලංකාවට

දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ (08) රාත්‍රීයේ මෙරටට පැමිණ අතර ඒ මහතා සමඟ 18 දෙනෙකු ගෙන් යුත් දූත පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔවුන් චීනයට අයත් බී.- 8415 දරණ විශේෂ ගුවන් යානයෙන් චීනයේ බෙයිජිං නුවර සිට කටුනායකගුවන්තොටුපළ වෙත රාත්‍රී 08.20 ට පැමිණ ඇති බවද වාර්තාවේ.

ක්‍රීඩා සහ යෞවන කටයුතු , ඩිජිටල්කරණය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍යය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන් මෙම පිරිස පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් තිබුණි.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට පැවැසෙන අතර චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ දෙදින සංචාරය තුළදී චීන – ශ්‍රී ලංකා ජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.