කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර මහතා මෙම ව්‍යාපෘතිය අධික පිරිවැයක් දැරීමට සිදුවන ව්‍යාපෘතියක් බව ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇති අතර කොළඹ නාගරික බලප‍්‍රදේශයේ ප‍්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට දරණ පිරිවැය සඳහා එය යෝග්‍ය නොවන බවයි එහි වැඩිදුරටත් දක්වා තිබේ. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවා ඊට අදාළ ව්‍යාපෘති කාර්යාලය ද හැකි ඉක්මනින් වසා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බව අදාළ ලිපියේ සඳහන්වේ.