නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි අනාවරණවේ

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
අදාළ වාර්තාව ඊයේ (24 වැනිදා) පස්වරුවේ නීතිපතිවරයාට ද භාරදුන් අතර විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වාර්තාව සකස් කර තිබේ.
මේ අතර ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත්වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340 ක් ගෙවීමට නෞකාව හිමි සමාගම එකගතාව පළ කර තිබේ. කෙසේවෙතත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 100 ක් ලබාදෙන ලෙස නීතිපතිවරයා නෞකා අයත් සමාගමට දැනුම් දී තිබේ.