තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණයට ගිය මාධ්‍යවේදියාට කොරෝනාද?

අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවයේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුකළ මාධ්‍යවේදියෙකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධනයට යොමු කර ඇති බවට වාර්තාවේ. ඒ අනුව හැටන් දිඹුල ප්‍රදේශයේ දමිළ පුවත් පත් කිහිපයක ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන අයකු සහ ඔහුගේ නිවසේ සිටි දෙදෙනකු ඊයේ (02 දා) සිට දින 14 ක් මෙසේ ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටී.
අදාළ මාධ්‍යවේදියා තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථාවේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති අතර ඔහු දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සීි.ආර්.පරික්ෂණයක්ද සිදු කරගෙන තිබේ. එහිදී පි.සී.ආර්. පරික්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටී.