කොළඹ කොරෝනා ආසාදිතයින් ගණන වැඩිවෙයි

ඊයේ (08 වැනිදා) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා සමගින් අද වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 29,377ක් ලෙස ඉහළ ගොස් තිබේ.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය 526ක් ලෙස සටහන් වේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් ඊයේ වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
මේ අතර ආසාදිතයින් පුද්ගලයින් 21,257ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 7,978ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ පුද්ගලයින් 6,594ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,182ක් සිදුකර තිබේ.