ගාල්ල ග්ලැඩියේටර්ස් තරගාවලියේ පළමු ජය ලබයි

තරගාවලියේ පිට පිටම ලැබූ පරාජයන් වැලට තිත තබමින් මොහොමඞ් අමීර්ගේ සහ ලක්ෂාන් සඳකැන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කොළඹ කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් එල්.පී.එල්. තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ අද (08 වැනිදා) සමත් වූහ. ඒ අනුව ගාල්ල කණ්ඩායම තරග 5ක පරාජයකින් පසු තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන අතර අදාළ ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත් වන්නට ඔවුන් සමත් විය.
කාසියේ වාසිය දිනූ කොළඹ කිංග්ස් නායක අන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව කොළඹ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී සියල්ල දැවී මුලු ලකුණු 171කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නෝ සමත් වූහ. ඊයේ දිනයේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූ මොහොමඞ් අමීර් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 26කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ලක්ෂාන් සඳ කැන් පන්දුවර 4දී ලකුණු 33කට කොළඹ ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීය.
කොළඹ කිංග්ස් පන්දුවාර 20දී සියලුදෙනා දැවී ලකුණු 171යි (දිනේෂ් චන්දිමාල් 35, ඩැනියෙල් බෙල් ඩ්‍රම්මන්ඞ් 44, තික්ෂිලද සිල්වා 27, ඉසුරු උදාන 21, ඇන්ජලෝ මැතිව්ස් 11, ඇන්ඩි්‍ර රස්ල් 11, මොහොමඞ් අමීර් 26/5, ලක්ෂාන් සඳකැන් 33/3, ධනංජය ලක්ෂාන් 34/1)
ගාල්ල ග්ලැඩියේටර්ස් පන්දුවාර 17.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 175යි (ධනුෂ්ක ගුණතිලක 38, ඒෂාන් අලී 56, භානුක රජපක්ෂ (නොදැවී) 37, අසාම් කාන් (නොදැවී) 35, ක්යිස් අහමඞ් 23/1, ධම්මික ප්‍රසාද් 33/1)