අදත් අසාදිතයින් 703ක් හඳුනා ගැනේ

මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 703ක් අද (07 වැනිදා) හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 294ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 83ක් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ – පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 25,025ක් වේ. මේ වනවිට මෙරටදී කොවිඩ් රෝගීන් 140 දෙනෙක් මියගොස් තිබේ.