ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු මිකී ආතර් සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කළ ළහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය එළැඹෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී සිදු නොවන බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.