කපුවයි – හාමුදුරුවොයි දෙවියන් බෙදාගන්න පොරේ…

නිවිතිගල කුඩා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර පවත්වමින් තිබියදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි භාරකාරිත්වය විසින් දේවාලයට ඉබි යතුරු දමා ඇති බැව් වාර්තා වේ.

මෙම මත ගැටුම ඇති වී තිබෙන්නේ දේවාලයේ භාරකාරිත්වය හා දේවාල භූමියේ පිහිටි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් සමඟ වේ.

දේවාල භූමිය පිළිබඳ පවතින ඉඩම් ආරවුලක් මෙම මත භේදයට හේතු වී තිබෙන බැව් අසල්වාසීහු කියති.

මෙවර පෙරහැර 12 – 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර, දින දෙකක් පෙරහැර සෞඛ්‍ය නීතිරීති යටතේ මහජන සහභාගිත්වයෙන් තොරව චාරිත‍්‍ර ඉටුකිරීම පමණක් සිදුකොට ඇති අතර පසුව මෙම මත ගැටුම උදාවී තිබේ. ඒ හේතුව මත භාරකාරිත්වය විසින් දේවාලය වසා එහි ඉබියතුරු දමා තිබේ.

නිවිතිගල පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

නිවිතිගල ධර්මසිරි ජයවර්ධන