යතුරු පැදිය ට්‍රැක්ටරයේ ගැටී ක්‍රිකට් ක්‍රීඩිකාව මරුට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලකුණු සටහන් කිරීමේ නිලධාරිණයක්ව සිටි පූජානි ලියනගේ හිදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (15 වැනිදා) දහවල් ඇය පැදවූ යතුරුපැදිය කුරුණෑගල ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව තිබේ.
මිය යන විටදී 33 වැනි වියේ පසු වූ පූජානි ලියනගේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කාන්තා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත්තාය. දකුණත් පිතිකාරිණියක් වූ ඇය දකුණත් පා දඟ පන්දු යවන්නියක් ලෙසින් ශ්‍රී ලංකා දේශීය පිටිය තුළ සහ අන්තර් පළාත් තරගාවලි තුළ සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වූවාය.