තැපැල් ඡන්ද විමසීම සඳහා දින වෙන් කෙරේ

අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද වීමසීම සඳහ දින වෙන් කිරීම මැතිවරණ කොමිසම් සභාව මගින් අද  සිදු කෙරිණි. ඒ අනුව ලබන ජූලි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා තැපැල් ඡන්ද හිමියන් හට සිය ඡන්දය භාවිත කළ හැකි බව කොමිසම දන්වා සිටී.
සියලුම රාජ්‍ය ආයතනවල (දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර) තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 14 වැනිදා සිට 15 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද භාවිත කිරීම ජූලි මස 16 සහ 17 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරේ.
අදාළ දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව නොලැබෙන තැපැල් ඡන්ද හිමියන් හට ජූලි මස 20 සහ 21 යන දිනයන්හිදී සිය ඡන්දය භාවිත කළ හැකිය.