ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළි මැන්චෙස්ටර් යුනයිටඩ් සමග වසර 02ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරයි

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය අතහැර ඔහුගේ සුපුරුදු ක්‍රීඩා සමාජය වන මැන්චෙස්ටර් යුනයිටඩ් සමග වසර 02ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට පියවර ගෙන තිබේ.

රොනාල්ඩෝව යූනයිටඩ් වෙත නිදහස් කිරීමට යුරෝ මිලියන 23ක (ඩොලර් මිලියන 27ක්, පවුම් මිලියන 20ක්) මුදලක් ජුවෙන්ටස් වෙත ගෙවීමටත් ඉන් මිලියන 15ක මුදලක් මූලික ගෙවීමක් වශයෙන් ගෙවීමටත් මැන්චෙස්ටර් යුනයිටඩ් එකඟ වී තිබේ.

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිදෙන බැලෝන් ඩි ඕර් සම්මානයෙන් පස් වතාවක් (2008, 2013, 2014, 2016, 2017) පිදුම් ලද රොනාල්ඩෝ මෙම මස 11 වන දින නිව්කාසල්හිදී මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් සිය දෙවන ගමන ආරම්භ කිරීමට නියමිතය.