දහම් පාසල් ආරම්භ කිරීමට දින නියම වේ.

ලබන ජූලි මස 12 වැනිදා සිට අදියර 3ක් යටතේ දිවයින පුරා සියලුම දහම් පාසල් ආරම්භ කිරීමට අනුමැතිව හිමිව තිබේ. ඒ අනුව 11, 12 සහ 13 යන අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා ආරම්භ කෙරෙන අතර 3 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්ව සිසුන් සඳහා ජූලි මස 26 වැනිදා සිට දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතය. තවද 1 සහ 2 ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව දහම් පාසල් ආරම්භ කිරිමට නියමිතය.