ලුණු ආනයනය නතර කරීමට ජනපති උපදෙස් දෙයි

මෙරටට ලුණු ආනයන කිරීම මන් ඉදිරියට නතර කළ යුත බවත් 2015ට පෙර මෙන් සිය නිශ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු පෞද්ගලික සමාගම පත් කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ලංකා ලුණු සමාගමේ වත්මන් තත්ත්වය විමසීම ස`ඳහා ඊයේ (24 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳ කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ලංකා ලුණු සමාගම පාඩු ලැබීම ගැන නිදහසට කරුණු කියනවා වෙනුවට ලාභ ඉපැයිමට ගත යුතු ක්‍රියාමාර්ග තමාට අවශ්‍ය බවද වැඩිදුරටත් කියා සිටියේය.