කරුණා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීම සඳහ අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අලිමංකඩදී තමන් හමුදා සෙබළුන් දෙතුන් දාහකට වඩා මරා දැමුවැයි කියමින් අම්පාර ප්‍රදේශයේදී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුගිය 23 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින ලෙස කරුණා අම්මාන් හට දන්වා තිබිණි. එහෙත් එදිනට තමන් හට පැමිණීමට නොහැකි ලෙස කරුණා අම්මාන් දන්වා තිබිණි.