අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කරගනී

මහ මැතිවරණය සඳහා අපේ ජන බල පක්ෂය විසින් දිස්ත්‍රික්ක 4ක් වෙනුවෙන් බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ රිට් පෙත්සම් ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන ඇත. ඒ අනුව මෙම පෙත්සම් අද (25) සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ඇස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම කරුණ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉකුත්දා තීන්දුවක් ලබාදී ඇති හෙයින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත. එහිදී එම ඉල්ලීම පිළිගත් ශේෂ්ඨාධිකරණය පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇත.