උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කෙරේ

අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස සහ සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ අනුව උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වාත්, සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 වැනිදා සිට 27 වැනිදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.එසේම ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා (ඉරිදා) පැවැත්වේ. අදාළ විභාග හේතුවෙන් ඔක්තෝබර් 10 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා පාසල් නිවාඩු කාලය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. තෙවැනි පාසල් වාරය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වන අතර, එය දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 දා සිට ජනවාරි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව නව වසරේ පාසල් වාරය ජනවාරි 04 වැනිදා ආරම්භ කෙරේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 18 දා සිට 27 වැනිදා දක්වා සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වන අතර, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් ජනවාරි 01 වැනිදා සිට 17 වැනිදා දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.