එජාප නායකත්වය ගන්න මම සූදානම් – අර්ජුන රණතුංග

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් ඕනෑම මොහොතක තමන් එය භාර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි. පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එජාපය කඩා දැමීමට උත්සාහ කළ පිරිස් තවමත් පක්ෂයේ සිටින බවත් මේ මොහෝතේ පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බවත් එය රනිල්ගේ හෝ වෙන කාගෙවත් තනි බූදලයක් නොවන බවත්ය.